Sunday, April 24, 2011


2011 අප්‍රේල් මස දාහතර වෙනිදා ලෑබු සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු අළුත් පාසල් වාරය අප්‍රේල් මස විසි පස්වෙනිදා (අද) ට යෙදුනි. උදේ පාන්දරින් පාසලට පැමිණි දරු දැරියන් සතුටු සිනා මැද අළුත් හැඟිම් පෙර දැරිව තම ගුරු මෑණිවරුන් පියවරුන් නැමද ,අළුත් ගමනක් යාමට බලාපොරොත්තුවෙන් දෑස් දල්වා උදෑසන රැස්වීමේ දී විදුහල්පතිතුමාගේ පිළිගැනීමේ කථාව ට සවන් යොමු කලහ. ඒ මොහොතේ දරුවන්ගේ මුහුණින් සහ ගතින් ප්‍රබෝධමත් බවක් පෙනෙන්ට තිබුණත් පිරුවතින් දුබලව සිටිබව ගුරු මෑණිවරුන් හා පියවරුන්ට පෙණුනහ.පසු ගිය වසරේ සිට පැළදි සුදුපිළිවට දුර්වර්ණව හා මිරිවැඩිසඟල් අබලන්ව ගියෙන් අවුරුද්දේ නැවුම් බව කොහා විසින් පැහැරගෙන ගිය දැයි හැඟුණි.